මව කැලණි ගඟට විසි කල පස් හැවිරිදි දරුවාගේ සිරුර හමුවෙයි..!

Sri Lanka Sri Lanka Police Investigation Sri Lanka Navy Crime
By Sewvandhi Jun 18, 2022 08:37 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මවක් කදිරාන පාලමෙන් කැලණි ගඟට විසි කළ 5 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුර වයික්කාල මුහුදු වෙරළේ තිබී හමුවු බව පොලිසිය පවසයි ඊයේ (17) පස්වරුවේ මෙම මළ සිරුර වයික්කාල වෙරළට ගොඩ ගසා තිබූ අතර දරුවා සිද්ධිය වන අවස්ථාවේදී හැඳ සිටින ඇඳුම් සහ සිටි සපත්තු කණුව මෙම දරුවා හඳුනා ගෙන ඇත.

දරුවාගේ ඡායාරූපයක් පොලිසිය පොලිසිය ඔහුගේ මිත්තණිය වෙත යොමු කිරීමෙන් අනතුරුව මිත්තණිය විසින් හදුනාගෙන ඇති බව පොලීසිය කියයි.

මිත්තණිය අද (18) පෙරවරුවේ වත්තල පොලිස් කණ්ඩායමක් මගින් මාරවිල ප්‍රදේශයේ ද රැගෙන ගොස් ඇත. දරුවාගේ සිරුර මාරවිල රෝහලේ තැන්පත් කර ඇත


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now