උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් නැවත පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න - සම්පූර්ණ විස්තරය මෙතනින්..

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education Latest Headlines
By krishani Jan 29, 2024 05:10 PM GMT
Report

විභාග දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් නැවත පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න - සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Date Of Re Holding Of Agriculture Science Paper

ඒ පසුගියදා පැවති 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් අවලංගු කරන ලද කෘෂි විද්‍යාව විෂය ප්‍රශ්න පත්‍රය විශේෂ විභාගයක් ලෙස නැවත පැවැත්වීමටයි.

ඒ අනුව, එම විෂයෙහි නැවත විභාගය පැවැත්වෙන දිනයන් ලෙස පෙබරවාරි මස 01වැනිදා උදෑසන 08.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයත්, එදිනම පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා එම විෂයෙහිම පළමු කොටසත් පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඒ අනුව එම විභාගය සඳහා පෙනී සිටින සියළු අපේක්ෂකයින් සඳහා විභාග ප්‍රවේශ පත්‍රයක් මේ වන විට නිකුත්කර ඇත.

පාසල් විභාග අපේක්ෂකයින්ට එය විදුහල්පතිවරුන් හරහා ලබාගත හැකි බවත්, පෞද්ගලික අපේක්ෂයින් සඳහා ප්‍රවේශ පත්‍ර මේ වනවිට තැපෑලට යොමුකර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, එම විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයෙක් වේ නම් https://www.doenets.lk/ නිල වෙඩ් අඩවියට පිවිසීමෙන් බාගත කර ගැනීමේ හැකියාව පවති.

Sponsored By Sarrita Jewellery

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් නැවත පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න - සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Date Of Re Holding Of Agriculture Science Paper