ත්‍රාසජනක ක්‍රියාවල නිරත වූ 30 හැවිරිදි තරුණයෙක් මහල් 68ක උසින් ඇඳවැටී මිය යයි..
Accident
Death
World
By Aruna
ත්‍රාසජනක ක්‍රියාවල නිරත වෙමින් උස් ගොඩනැගිලි තරණය කිරීම හරහා ජනප්‍රිය වූ ලෝ ප්‍රකට තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩෙයාඩෙවිල් ලෙස ප්‍රසිද්ධ රෙමී ලුසිඩි නමැති තරුණයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඔහු ප්‍රංශ ජාතිකයෙක් වන අතර මියයන විට ඔහු 30 හැවිරිදි වියේ පසුවුණා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හොංකොං හි පිහිටි මහල් 68ක ගොඩනැගිල්ලකින් ඇදවැටීම හේතුවෙන් ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි.
එම ගොඩනැගිල්ල මතදී පය ලිස්සා යාම හේතුවෙන් පහළට ඇදවැටී ඔහු මෙලෙස මියගොස් ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.