බිහිසුණු ලෙස කෘෂි නිලධාරිනිය ඝාතනය කළ ඩැනී බේබි..

Sri Lanka Police Investigation Crime
By Sewvandhi Mar 27, 2023 08:01 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අද (27) උදෑසන තංගල්ල පොලිස් වසමේ වැලිආර. නෙතොල්පිටිය ප්‍රදේශයේ දී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි ආර්.එම්. දීපිකා නැමති එම ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් වශයෙන් සේවය කළ විවාහක කාන්තාවක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

අදාල කාන්තාව පදිංචි ප්‍රදේශයේම සේවය කරන අතර අද නිවසේ සිට ක්ෂේත්‍ර රාජකාරි සඳහා යමින් සිටිය දී පෙර දින සිදුවු රාජකාරි ගැටලුවක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. 

  වාර්තාකරු පැවසුවේ, පොහොර ඉල්ලා ඇති වූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැන ගන්නට ලැබුණු බවයි.

ඝාතනය සම්බන්ධයෙන් 41 හැවිරිදි ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් 'ඩැනී බේබි' නමින් හඳුන්වන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ තංගල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය තංගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now