සියලු දහම්පාසල් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්.
දහම් පාසල් ගුරුභවතුන්ගේ සුදුසුකම් ඉහළ නැංවීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ගුරු සහතිකපත්ර විභාගය මෙම වසරේ ජුනි මස 18 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2020 හා 2021 වර්ෂවල පැවති කොවිඩ් වසංගත තත්ත්වය මත විභාගය පැවැත්වීමට නොහැකිවූ අතර එම වර්ෂවල අයැදුම් කළ සියලු දහම් පාසල් ගුරු භවතුන් ද 2022 වර්ෂයට නැවත අයැදුම්පත් යොමු කළ යුතු බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේ.
මාර්තු 15 වෙනිදාට අවම වශයෙන් මාස 06ක් අඛණ්ඩව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක ගුරු භවතෙකු ලෙස කටයුතු කර තිබීම හා වයස අවුරුදු 18ට වැඩිවීම විභාගයට පෙනීසිටීම සදහා මූලික සුදුසුකම් වනවා.
අයැදුම්පත් භාරගැනීම මාර්තු 15 වෙනිදායින් අවසන් වන අතර දහම් පාසල් ගුරු සහතිකපත්ර විභාගය පිළිබඳ සියලු තොරතුරු හා අයැදුම්පත www.dba.gov.lk වෙතින් ලබාගත හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |