සැමියාට හොර රහසේ රට ගිය බිරිද යලි පැමිණි පසු සහාසික ලෙස ඝාතනය කර , සැමියා ගෙල වැළලා ගනී..(VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 05, 2022 08:39 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

දඹුල්ල කොට්වෙල ප්‍රදේශයේ පවුල් ආරවුලක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳ ඝාතනය කළ සැමියෙකු ගෙල වැළලාගෙන සිය දිවි නසාගෙන තිබෙනවා මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඩුබායි සිට මීට දින 04කට පෙර මෙරටට පැමිණි දෙදරු මවක් බවයි දඹුල්ල පොලිසිය පවසන්නේ.

ඇය 2019 වසරේදී ඩුබායිහි පිහිටි පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක සේවය කිරීම සඳහා විදේශ ගතවී ඇත්තේ සැමියාට හොර රහසේයි පසුගිය 31වැනිදා ඇය යළි නිවසට පැමිණ රාත්‍රීයේ නිදා ගැනීම සඳහා ඇගේ මවගේ නිවසට ගොස් ඇති අතර එම නිවසට ඇතුළු වූ මෙම පුද්ගලයා තියුණු ආයුධයකින් පහර දී ඇයව ඝාතනය කර තිබෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලීයක් උපයෝගී කර ගනිමින් එම නිවසේ වහලයට නැග එහි උළු ඉවත්කොට නිවසට ඇතුළු වී මෙම ඝාතනය කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ. බිරිඳව ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා සිය දියණියගේ සැමියාට දුරකථන ඇමතුමක්ද දී ඇති අතර අද (05) පෙරවරුවේ නිවස ආසන්නයේ ගසක එල්ලෙමින් තිබියදී ඔහුගේ සිරුරද හමුවී තිබෙනවා ඔහු විසින් බිරිඳ ඝාතනයට යොදා ගත් පිහියද එම ගස පාමුල තිබී සොයාගෙන ඇති අතර දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW