දවල් කෑමෙන් පස්සෙ ලොකු පොඩි හැමෝටම රස බලන්න කස්ටඩ් ජෙලි පුඩිම් මෙන්න ගෙදරදිම හදමු...
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
ගෙදරට වෙලා ඉන්න හැමෝම කැමති මොනා මොනා හරි හදන්න. දවල් කෑමෙන් පස්සෙ ලොකු පොඩි හැමෝටම රස බලන්න කස්ටඩ් ජෙලි පුඩින් ගෙදරදිම හදමු මෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය -
- ජෙලි පැකට් 1( කැමති වර්ණයකින්)
- ජෙලටින් තේ හැඳි 1/2
- කස්ටඩ් ග්‍රෑම් 50
- කස්ටඩ් කුඩු තේ හැදි 1
- කිරි කෝප්ප 2
- සීනි ග්‍රෑම් 100
- අන්නාසි, ඇපල්,ස්ටෝබෙරි,කෙසෙල් අදි කැමති පලතුරකින් කුඩා කුඩා කැබලි කලා ගන්න.
සාදන ආකාරය
භාජනයක් ලිපේ තියලා කිරි ටික දාගන්න. මේකට සීනි දාලා රත් කරන ගමන් හැඳිගාමින් දියකරන්න. ඉන්පසු කස්ටඩ් පව්ඩර් දාලා කැටි නොගැසෙන්න හැඳිගාන්න. කස්ටඩ් එක ට්‍රේ එකකට දාලා නිවෙන්න තියන්න.ඒ ගමන්ම කපා ගත් පලතුරු කැබලි වලින් භාගයක් දමා මිශ්‍ර කර ගන්න.
ජෙලි පැකට් එකට ජෙලටින් ටිකත් කලවම් කරන් ජෙලි සාදා වීදුරු කිහිපයක් ගෙන එයින් අඩක් ජෙලි හා ඉතිරි පලතුරු කැබලි වලින් පුරවලා නිවෙන්න තියන්න. මෙම ජෙලි සහිත වීදුරු ඇල කර තබමින් ශිතකරණයේ තබන්න. කාමර උෂ්ණත්වයේ හෝ ශිතකරණයේ තියල සෙට් උනාට පස්සෙ උඩින් නිවුන කස්ටඩ් එක වක්කරගෙන සෙට්වෙන්න ෆ්‍රිජ් එකට දාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |