යළි රට පුරා ඇඳිරි නීතිය පනවයි? පොලිස් ආරංචි මාර්ගයක් මෙන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Curfew Sri Lanka
By Aruna May 15, 2022 07:27 AM GMT
Report

රටපුරා ඇඳිරි නීතිය අද අලුයම 5.00 ට ඉවත් කිරීමෙන් පසු යළි ක්‍රියාත්මක කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව මුලු දිවයිනටම පනවා තිබූ ඇඳිරිනීතිය අද (15) පෙ.ව. 5.00 ට ඉවත් කෙරුණා.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළා.

අදාල නිවේදනයේ අද පස්වරුවේ යළි ඇදිරි නීතිය පැනවීමක් ගැන සදහන්ව නැත.

කෙසේවෙතත් යළි ඇඳිරිනීතිය පනවන්නේද නැද්ද යන්න පිළිබඳව තවමත් ජනාධිපති මාධ්‍ය අංශයෙන් ,මාධ්‍ය වෙත දැනුම් දී නැහැ.

මීට පෙර සඳහන් කළේ, ඇඳිරිනීති කාලය තුළ, බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර හිමිවන්නේ නැති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now