කවුරුත් නොදන්න කෝප්ප කොල මැල්ලුම් මෙහෙම හදමු..
Sri Lanka
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
බොහෝ දෙනෙකු නොදැනුවත් වූවාට මුගුණුවැන්න, ගොටුකොළ ආදී පළා වර්ග මෙන්ම ගුණදායි පළා වර්ගයක් ලෙස කෝප්ප කොළ හැදින්වීම වරදක් නොවේ. බොහෝ දෙනෙකු කෝප්ප කොළ පිළිබදව නොයෙක් මතවාද දැරුවද කෝප්ප කොළ ආහාරයට ගැනීම ගුණදායකය. අතීතයේ පටන්ම අපේ මුතුන් මිත්තන් කෝප්ප කොළ කලවම් පළා මැල්ලුමට එකතු කර ගෙන තිබේ.මෙම පත්‍ර කෝප්පයක හැඩයෙන් යුතු වන හෙයින් කෝප්ප කොළ යනුවෙන් හදුන්වන අතර අදවන විට මෙය ආහාරයට ගැනීමට වඩා වගා කරනු ලබන්නේ විසිතුරු ශාකයක් ලෙසය.
දැන් අපි බලමු කෝප්ප කොල මැල්ලුමක් හදා ගන්නේ කොහොමද කියලා .
අවශ්‍ය ද්‍රව්‍ය :-
- ලියාගත් කෝප්ප කොල
- ගාගත් පොල්
- ලියාගත් රතුළූණු
- ලියාගත් අමුමිරිස් කරල්
- ලුණු ස්වල්පයක්
- දෙහි යුෂ ස්වල්පයක්
සාදාගන්නා අයුරු:-
ලියාගත් කෝප්ප කොළ වලට පොල් එකතු කරන්න. මේකට රතුළූණු, අමුමිරිස්, ලුණු , කහකුඩු දාලා කලවම් කරන්න. දැන් මේක ලිපේ තියලා මලවගන්න. ලිපෙන් බාලා දෙහි යුෂ දාලා කලවම් කරන්න
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |