බිරිඳ සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ විදුහල්පතිවරයාට නිරුවත් කර පහරදී වීඩියෝ කර ලක්‍ෂ දෙකක් කොල්ලකෑ සිද්ධිය..

crime Sei lanka
By Sithumi Jan 24, 2022 11:33 AM GMT
Report

අනුරාධපුර නගරයට යාබද පාසලක විදුහල්පතිවරයෙකු පාළු නිවසකට ගෙන ගොස් නිරුවත් කර පහරදී තුවාල සිදුකර එම සිදුවීම් ජංගම දුරකථනයකින් වීඩියෝ කරමින් ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න භාණ්ඩ පැහැරගත් අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරියකගේ සැමියෙකු පසුගිය 22වනදා අත්අඩංගුවට ගැනුණු බවත් පහර කෑමට ලක්වූ විදුහල්පතිවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් අනුරාධපුර පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයා සැකකාර පුද්ගලයාගේ දරුවෙකු හට ශිෂ්‍යත්ව අමතර පන්ති පවත්වා තිබෙන අතර එහිදී සැකකරුගේ බිරිඳ වන ගුරුවරිය සමඟ ඔහු අනියම් පේ‍්‍රම සබඳතාවක්ද පවත්වා ගෙන ගොස් තිබූ බවද පොලිසිය පැවසීය.

අනුරාධපුර ජල සම්පාදන මණ්ඩලයට අනුයුක්තව සේවයේ කරන ගුරුවරියගේ සැමියා විසින් මෙම විදුහල්පතිවරයාට කිහිපවරක් මෙම සබඳතාව නවත්වන ලෙස දැනුම් දුන්නද, එය නතර නොකිරීම නිසා මෙලෙස පහරදුන් බව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

ගුරුවරියගේ සැමියා ඔහුගේ වැඩිමහල් සොහොයුරා සමග එක්වී එම විදුහල්පතිවරයා අනුරාධපුර තුන්වැනි පියවර ප්‍රදේශයේ පාලු නිවසකට රැගෙන ගොස් පහරදී, සැකකරුවන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිගරට්වලින් පුළුස්සා, විදුහල්පතිවරයා නිරුවත් කර ජංගම දුරකථන වලින් වීඩියෝ ගතකර ඇතැයිද පොලිසිය පවසයි.

පහරදීමෙන් පසුව සැකකරුවන් විදුහල්පතිවරයා සතුව තිබූ රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක් වටිනා මුදු දෙකක්, හතළිස් පන්දහසක් වටිනා ජංගම දුරකථනයක් සහ දහතුන් දහසක් වටිනා අත් ඔර්ලෝසුවක් පැහැරගෙන ඇති බවටද පැමිණිලි ලැබී ඇති බව පොලිසිය කියයි. 

    පැය 3 කට ආසන්න කාලයක් පහරදී සැකකරුවන් විසින් විදුහල්පතිවරයා පැමිණි මෝටර් රථයෙන්ම පිටත්කර යවා ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ විදුහල්පතිවරයා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබයි. ජලසම්පාදන මණ්ඩලයේ සේවය කරන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පහරදීමට සම්බන්ධ ඔහුගේ වැඩිමහල් සොයුරා ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. අනුරාධපුර මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now