බහින්බස්වීමක් දුරදිග යයි - අමානුෂික පහරදීමක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට..
පහර දීමකින් පෙරේදා (23) රාත්‍රියේ මීගමුව රෝහලට ඇතුළු කරන ලද පුද්ගලයකු එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇත.
මරණකරු මොණරාගල සිට කටුනායක දක්වා ධාවනය වන ලංගම බස් රථයක කොන්දොස්තරවරයා ලෙස කටයුතු කර ඇත.
ඔහු හා බස් රථයේ රියදුරා කලක සිට වලාන සිරිසුමන විහාරයේ නවාතැන් ගැනීම සිදු කරගෙන තිබෙන අතර 23 වැනි දා මොවුන් මෙම බස් රථයේ ගමන් වාරය අවසන් කර නවාතැන් ගැනීමට අදාළ විහාරස්ථානයට පැමිණ ඇත.
එහි දී මොවුන්ගේ හිතවතෙකු ද මොවුන් සමඟ නවාතැන් ගෙන ඇත.එදින රාත්‍රියේ මොවුන් තිදෙනා මත්පැන් පානය කර ඇති අතර එම අවස්ථාවේ දී රියදුරු හා කොන්දොස්තරවරයා අතර බහින්බස්වීමක් සිදු වී ඇත.
එහි දී රියදුරා විසින් කොන්දොස්තරවරයාට කැඩුණු බෝතල් වීදුරුවකින් පහර දී ඇති අතර පසුව මරණකරුව අනෙක් දෙදෙනා විසින් මීගමු රෝහලට ඇතුළු කර ඇත.
එහි දී යි මෙම පුද්ගලයා මිය ගොස් ඇත්තේ.ඝාතනය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |