පවුල් ආරවුලෙන් 23 හැවරිදි බිරිද ඝාතනයට ලක්වෙයි.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Sithumi Apr 09, 2023 12:17 PM GMT
Report

පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් 23 හැවිරිදි බිරිඳට ස්වාමියා විසින් මුගුරකින් පහරදී ඝාතනය කර ඇතයි අරණායක පොලීසිය පවසනවා.

ලඹුටුව, මිල්ලංගොඩ පදිංච් මොහොට්ටාලලාගේ කුමුදුනි දේශානි රණසිංහ නැමති එක්දරු මවක් එලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත සිද්ධිය වූ ස්ථානයට යනවිටත් එම තරුණිය ලේ විලක් මැද කුස්සියේ උළුවැස්ස මත ඇදවැටි මරණයට පත්ව සිට ඇති බවද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලීසිය අධිකරණය හමුවට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණය පරීක්ෂක කටයුතු සිදුකිරීමට නියමිත අතර මිය ගිය කාන්තාව ආසන්නයේ තිබි පහරදීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන මුගුරද හමු වී තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකාර සැමිය පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන අරණායක පොලීසිය සිදුකරයන අතර මොවුන් දෙපළට අවුරුදු තුනහමාරක දියණියක් ද සිටින බව වාර්තා වනවා