නිවසටම ඇවිදින් සිදුකළ කුරිරු ඝාතනය..

Sri Lanka Police Crime
By krishani Oct 20, 2022 05:59 PM GMT
krishani

krishani

in අපරාධ
Report

වැලිගම - හෙට්ටිවීදිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය ගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු හෙට්ටිවිදිය ප්‍රදේශයේ පැවති උත්සවයක් සඳහා සහභාගී වී ඇත.

එහිදී සිදු වූ බහින් බස් වීමක් දුරදිග ගොස් තිබෙන අතර පසුව ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයා සිය නිවාස බලා ගොස් ඇත.

ඒ අවස්ථාවේ ආරවුල ඇති කරගත් තිදෙනෙකු එම නිවසට පැමිණ තියුණු ආයුධවලින් පහර දී ඇති බව මූලික විමර්ශන වලින් අනාවරණ වී ඇත.

ඝාතනය සිදු කළ සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.