එකටම මත්පැන් පානය කළ යාළුවො කා කොටාගෙන මරාගෙන..

Sri Lanka Police Crime
By krishani Oct 25, 2022 05:41 AM GMT
krishani

krishani

in අපරාධ
Report

පුපුරැස්ස - ලේවලන්වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධ සහ පොලුවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

මත්පැන් පානය කරමින් සිටි දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇත.

ආරවුල හේතුවෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ගලහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 37ක් වූ ලේවලවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.