සැක කටයුතු ලෙස වෙඩි වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට.

Sri Lanka Police Crime
By krishani Mar 20, 2023 02:04 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (19) උදෑසන, පොතුහැර - කන්දෙවත්ත ප්‍රදේශයේ දී සැක කටයුතු ලෙස වෙඩි වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ති‌බේ.

එසේ මියගොස් ඇත්තේ, 35 හැවිරිදි පනාපිටිය, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

මීට දින 05කට පමණ පෙර මොරගොල්ල වත්ත නැමති ඉඩමේ කම්කරුවෙකු ලෙස සේවයට පැමිණි මරණකරු ඊට යාබද කන්දේවත්ත නැමැති ඉඩමේ කැලෑබද ප්‍රදේශයක විදෙස් රටක නිෂ්පාදිත පතරොම් තුවක්කුවක් මතට තුවාල සහිතව මුණින් අතට වැටී සිටියදී සොයාගෙන ඇත්තේ.

එමෙන්ම මරණකරු ආසන්නයේ වෙඩිවැදී මියගොස් සිටි ඉත්තෑවෙකුගේ මළ සිරුරක් හමුවී ඇත.

තවද විදුලි පන්දමක්, ජංගම දුරකථනයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුරහැර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.