අනියම් ඇසුර මරණෙන් කෙළවර වූ අසුන්දර පුවතක්..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 18, 2022 05:31 AM GMT
krishani

krishani

in අපරාධ
Report

පන්නල නගරයේ පිහිටා ඇති තෙමහල් ගොඩනැඟිල්ලක තුන් වැනි මහලේ පිහිටි කුලී කාමරයක දී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය සිදු කර ඇති බවට වාර්තා වේ.

එම ඝාතනයෙන් 38 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර ඇය වීරඹුව - කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන් වේ.

මරනකාරිය සහ ඝාතනය සිදු කළා යැ යි සැක කෙරෙන සැකකරු අතර අනියම් සබඳතාවක් පැවත ඇති අතර, ඔවුන් මෙම තෙමහල් ගොඩනැඟිල්ලේ කාමරයක් කුලී පදනම මත මිල දී ගෙන ජීවත්ව ඇත.

ඊයේ (17) දෙදෙනා අතර ආරවුලක් ඇති වී ඇති අතර, එය දුරදිග යාම මත මෙම ඝාතනය සිදු වී ඇති බව වාර්තා වේ.

පිහි ඇනුම්වලින් බරපතළ තුවාල ලැබූ කාන්තාව කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර වන විටත් ඇය මිය ගියගොස් ඇත.

මෘත ශරීරය කුලියාපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇත.

ප්‍රදේශයෙන් පලා ගොස් සිටින සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක යි.