යුද හමුදා සෙබලෙක් අඹුසැමි යුවලකට අලවංගුවකින් පහර දෙයි - සැමියා මිය ගිහින් බිරිඳට බරපතළ තුවාල..

Sri Lanka Police Sri Lanka Crime
By krishani Oct 09, 2022 05:53 AM GMT
krishani

krishani

in අපරාධ
Report

යුද හමුදා සෙබලෙක් අඹුසැමි යුවලකට ඊයේ (08) අලවංගුවකින් පහර දී ඇති අතර පහරදීමෙන් අදාළ ස්වාමිපුරුෂයා ජීවිතක්ෂයට පත්ව බිරිඳ බරපතළ තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය මියගොස් ඇත්තේ නාවලපිටිය පදිංචි ඒ.ජි.ඒ.ප්‍රසන්න පාලිත අතපත්තු නමැති දෙදරු පියෙක් ය.

සැකකරු සහ මියගිය පාර්ශ්වය අතර දිගු කාලයක සිට මතභේද ඇති බවත් මේ හේතුවෙන් සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇත.

සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join