මහ මග යද්දි පරිස්සමෙන් අද පුද්ගලයෙකුට සිදු වුණු ඇග කිලි පොලා යන සිද්දිය ( VIDEO)

Crime thief Main road
By Sithumi Feb 08, 2022 11:49 AM GMT
Report

මහමඟ ගමන් කරමින් සිටි පුද්ගලයෙක්ව සංවිධානාත්මකව කොල්ලකයි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටි දෙදෙනෙක් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකුගේ මුදල් කොල්ලකා තිබේ.

ඒ ඔහු සතු බැංකු ගිණුම් කාඩ්පතෙන් රුපියල් ලක්ෂයක මුදලක් බලෙන් ලබාගනිමිනි. බණ්ඩාරගම නගරයේදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය. සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පොලීසිය සඳහන් කළේ, පයාගල ප්‍රදේශයේ පුද්ගලයක් පැල්මඩුල්ල ගම් ප්‍රදේශය බලා යෑම සඳහා බණ්ඩාරගම නගරයේ රැඳී සිටියදී ඔහු අසලට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තමන් පොලිස් නිලධාරීන් යැයි පවසමින් හැඳුනුම්පතක් වැනි දෙයක් පෙන්වා තිබූ බවය.

පසුව ඔහු සතුව ගංජා තිබේදැයි පරීක්ෂා කළයුතු බව පවසමින් නගරයෙන් හුදකලා ප්‍රදේශයක් වෙත ඔහුව රැගෙන ගොස් ඇත. එහිදී ඔහුගේ හැඳුනුම්පත ඉල්ලා එය ලබාදීමට මුදල් පසුම්බිය ගැනීමේදී අදාළ පුද්ගලයින් දෙදෙනා එය උදුරාගෙන පරීක්ෂා කර තිබේ.

පසුව ඔහුගේ මුදල් පසුම්බියෙන් සූක්ෂම ලෙස බැංකු ගිණුම් කාඩ්පත සහ එහි කොල කැබැල්ලක ලියා තිබූ රහස් අංකය ඉවතට ගෙන සඟවාගෙන තිබේ. පසුව අදාළ පුද්ගලයාට එම ස්ථානයෙන් පිටව යන ලෙස සඳහන් කර ඔහුගේ මුදල් පසුම්බිය ලබාදී ඇත. විනාඩි කිහිපයකින් එම පුද්ගලයාගේ දුරකථනයට ගිණුමෙන් මුදල් ලබාගත් බවට කෙටි පණිවුඩයක් ලැබී තිබෙන අතර එහිදී සිදුවූ දේ ඔහුට වැටහී තිබුණි.

ඒ අනුව නගරය පුරා අදාළ සැකකරුවන් දෙදෙනාව සොයා ඇතත් ඔවුන් සොයාගැනීමට නොහැකිවීම හේතුවෙන් අදාළ පුද්ගලයා පොලීසියට ගොස් සිද්ධිය අනාවරණය කර තිබේ. රාජ්‍ය බැංකුවකට අයත් ගිණුමක් හිමි එම පුද්ගලයාගෙන් මුදල් අදාළ සැකකරුවන් දෙදෙනා ලබාගෙන ඇත්තේ පෞද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයකිනි.

සැකකරුවන් එලෙස අවස්ථා දෙකකදී රුපියල් 50,000ක් සහ 95,000ක් ලබාගත් බවට ඔහු පැමිණිලි කර ඇත.


මහ මහ ගමන් ගන්නා ඔබ දැන ගත යුතුම.දේ මෙන්න.. 
අනිවාර්යෙන්ම බලන්න
..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now