පොලිස් වෙඩිල්ලකින් තරුණයෙක් ජිවිතක්ෂයට.. (PHOTO)

Sri Lanka Police Sri Lanka
By krishani Oct 24, 2022 01:15 AM GMT
Report

කටුනායක - ආඬිඅම්බලම ප්‍රදේශයේ දී, පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (23) මීගමුව ඔරලෝසු කණුව අසල දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රන් මාලයක් කොල්ල කා පළා යන අවස්ථාවේ දී පොලීසිය ඔවුන් පසුපස හඹා ගොස් ඇත.

එහිදී යතුරුපැදියේ ගිය පුද්ගලයින් විසින් පොලීසියට වෙඩි තබා ඇත.එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී යතුරුපැදියේ ගමන්ගත් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වූ තරුණයෙක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය.

අනෙක් පුද්ගලයා ද මේ වනවිට තුවාල ලබා මීගමුව රෝහල ට ඇතුළත් කර තිබේ.

Gallery