නාට්‍යක් නරඹා නිවසට එන විට පුද්ගලයෙක්ව ඝාතනය කළ ඛේදනීය ඉරණමක්..

Sri Lanka Police Crime
By krishani Sep 06, 2022 05:18 AM GMT
krishani

krishani

in අපරාධ
Report

කහටගස්දිගිලිය - දූල්ලෑව ව්‍යාපාරය ප්‍රදේශයේ දී අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුර වගා ළිඳක තිබී හමු වී තිබේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා සිදුකළ විමර්ශනයේදී තියුණු ආයුධයකින් ගෙළ ප්‍රදේශයට පහරදී ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇත.

පසුගිය 03න් වැනිදා නාට්‍යයක් බැලීමට ගොස් නැවත නිවසට යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී මෙම ඝාතනය සිදුකර මෘත ශරීරය වගා ළිඳට දමා ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවල දී හෙළිවී ඇත.