දියණියගේ වීඩියෝවක් අන්තර්ජාලයට දැමීමට විරෝධය පෑ පියෙකුව ඝාතනය කරයි..

India Crime
By krishani Dec 28, 2022 08:00 AM GMT
krishani

krishani

in අපරාධ
Report

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සොල්දාදුවෙකුට පහර දී ඝාතනය කළ බව කියන පුද්ගලයන් හත් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

තම යොවුන් වියේ පසු වන දියණියගේ වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැරීමට විරෝධය පළ කිරීම හේතුවෙන් ඔවුන් විසින් මෙම මෙලාජි වාගේලා නම් සොල්දාදුවාට පහර දී ඇත.

දැරියගේ වීඩියෝ පටයක් උඩුගත කළ බවට චෝදනා කිරීමට වගෙලා, ඔහුගේ බිරිඳ, පුතුන් දෙදෙනා සහ බෑණනුවන් නව යොවුන් වියේ පිරිමි ළමයාගේ නිවසට ගොස් ඇත.

පොලිස් පැමිණිල්ලට අනුව, සාකච්ඡාව රණ්ඩුවක් දක්වා දුරදිග ගොස් ඇත. පිරිමි ළමයාගේ ඥාතීන් වගෙලා සහ ඔහුගේ පවුලේ අයට ලී පොලු සහ තියුණු ආයුධවලින් පහර දී ඇති අතර  බරපතළ තුවාල ලැබූ වගෙලා එම ස්ථානයේ දී ම මිය ගොස් ඇත.

ඔහුගේ එක් පුතෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර විත්තිකරුවන් හත්දෙනාට එරෙහිව මිනීමැරුම් ඇතුළු චෝදනා පොලිසිය විසින් ගොනු කර ඇත.ඔවුන් අධිකරණ භාරයට යවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join