මතට ලොල් වූ පුතා පියාට සහ මවට තියුණු ලෙස පහර දෙයි.. පියා ජිවිතක්ෂයට මව රෝහලේ.. ලංකාවෙන් ඇහෙන අධි සංවේදී සිදුවීමක්..

Sri Lanka Crime
By krishani Sep 28, 2022 08:21 AM GMT
krishani

krishani

in අපරාධ
Report

හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ දී පුතෙකු විසින් තම මවට සහ පියාට උදැල්ලකින් සහ පිහියකින් පහර දී ඇති බව පොලිසිය පවසයි.

පහරදීමෙන් පසු පියා ජීවිතක්ෂයට පත්ව ඇත.පසුව සැකකරු විසින් පියාගේ සිරුරට ගිනි තබා ඇතැයි පොලිසිය පවසයි.

මව මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 57 ක් වයසැති පුද්ගලයෙකී.

කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම සිද්ධිය වී ඇති බවට පොලීසිය පවසන අතර සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුණු පුද්ගලයෙක් ය.

28 හැවිරිදි සැකකාර පුතු පුනරුත්ථාපනයට යොමුව සිට නැවත නිවසට පැමිණ ඇති අතර සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join