මාමණ්ඩිය විසින් බෑණාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරයි - ඒ මොහොතේම දියණිය පියාට උදැල්ලකින් පහර දීලා..

Sri Lanka Crime
By krishani Oct 09, 2022 04:40 AM GMT
Report

හබරණ ප්‍රදේශයේ දී සිදු වූ පවුල් ආරවුලක් හේතුවෙන් මාමණ්ඩිය විසින් සිය බෑණාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

එම අවස්ථාවේ මරණකරුගේ බිරිඳ විසින් සැමියාට පහරදීම සිදු කළ තම පියාට උදැල්ලකින් පහර දී ඇත.

තියුණු ආයුධයකින් පහර කෑ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර සිය දියණියගේ උදලු පහරින් තුවාල ලැබූ ඝාතනය සිදුකළ පියා රෝහල් ගත කර ඇත.

සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

මිය ගිය පුද්ගලයා ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකී.