උදැල්ලකින් හිසට පහර දී සිදුකළ කුරිරු ඝාතනය.

Sri Lanka Crime
By krishani Apr 21, 2023 01:07 AM GMT
Report

පෙරේදා (19), ගල්නෑව ප්‍රදේශයේ දී උදැල්ලකින් හිසට පහර දී 72 හැවිරිදි තිදරු පියකු ඝාතනය කර ඇත.

ඒ මියගිය පුද්ගලයා, තම බිරිඳ සමග  සවස හේනට ගොස් සිටි දී ය.

එම ස්ථානයට පැමිණි බිරිඳගේ බාල සොහොයුරු මියගිය පුද්ගයාගේ හා ඔහුගේ බිරිඳගේ හිසට උදැල්ලකින් පහර දී ඇත.

ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් වන අතර ප්‍රදේශවාසීන් එක්ව පහරකෑමට ලක් වූ දෙදෙනා ගල්නෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join