වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු 05ක් ජිවිතක්ෂයට..

United States of America Crime
By krishani Apr 30, 2023 02:42 AM GMT
Report

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ බීමතින් සිටි පුද්ගලයෙකු සිය මිදුලේ වෙඩිතැබීමට පුහුණුවෙමින් සිටියදී අසල්වැසි නිවසේ අයෙකු ඔහුට පවසා ඇත්තේ තම කුඩා දරුවාට නිදා ගැනීමට අවශ්‍ය බැවින් ඊට බාධා නොකරන ලෙස ය.

එයට කෝප වූ එම පුද්ගලයා අසල්වැසියාගේ නිවසට ගොස් වෙඩිතැබීම සිදුකර ඇත.

මේ අතර, වෙඩිතැබීම සිදුකළ සැකකරු පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේවෙතත්, එහිදී 08 හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු 05 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join