සහෝදර ප්‍රේමය සුණු විසුණු කළ ඉඩම් ආරවුල..

Sri Lanka Police Crime
By krishani Sep 11, 2022 04:20 AM GMT
Report

අකුරැස්ස - මාදොළ ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන අතර මෙලෙස මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා බිරිඳ සමඟ සිය දෙමාපියන් පදිංචිව සිටි නිවසට පැමිණ ඇති අතර එහිදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා තවත් තිදෙනෙකු සමඟ එම නිවසේ මත්පැන පානය කරමින් සිට ඇත.

එහිදී ඔහුන් දෙදෙනා අතර ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වු බහින්බස්වීමක් දුරදිග යාමෙන් වැඩිමල් සහෝදරයා විසින් තියුණු ආයුධයකින් මෙම පුද්ගලයාට පහර දී ඇති අතර බරපතළ තුවාල ලබා සිටි මෙම පුද්ගලයා ආදපාන රෝහලට ඇතුළු කිරීමේදී මියගොස් ඇත.

සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලීසිය විමර්ශන සිදුකරයි.