KDH රථයකින් පැමිණ සිදුකළ සොරකම.. කැමරාවක සටහන් වෙයි.. (CCTV VIDEO)

Crime Cctv
By Sithumi Feb 17, 2022 11:19 AM GMT
Report

මරණයෙන් නිදහස් කරගෙන රැකබලා ගනිමින් සිටි ගවයින් 3 දෙනෙකු වෑන් (KDH) රථයකින් පැමිණි පිරිසක් සොරකම් කරගෙන ගොස් තිබේ. මෙම සිද්ධිය සිදුව තිබුණේ නාවින්න ජයගත් මාවත ජයගත් ක්‍රීඩාංගණයේදීය.

අලුයම් කාලයේ පැමිණ ඇති සැකකරුවන් වරකට එක් සත්ත්වයා බැගින් එලෙස සොරකම් කරගෙන යන අයුරු ඒ අසල තිබූ CCTV කැමරාවක සටහන් වී ඇත. CCTV කැමරාවට පැහැදිලිව නොපෙනෙන ලෙස රථයේ බ්රේක් ලයිට් දල්වාගෙන සැකකරුවන් විසින් ඉතා සූක්ෂමව මෙම සොරකම සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සත්ත්වයින්ගේ හිමිකරු සඳහන් කළේ, "මීට අවුරුදු 5කට කලින් උපන් දිනයක් දවසේ අපි එළදෙනුන් තිදෙනෙක් නිදහස් කරගත්තා. පසුව පැටවුන් දෙදෙනෙකුත් ලැබුණා.

සත්ත්වයින් ජයගත් ක්‍රීඩාංගණයේ තමයි හිටියේ. අවට හැමෝම කන්න දුන්නා." "අලුයම් කාලයේ කවුරු හරි සත්තු තුන් දෙනෙක්ව අරන් ගිහින් තියෙනවා. අපි පොලීසියට පැමිණිලි කළා. සැකකරුවන් සොයා ගනී ද කියලා දන්නේ නෑ."

දර්ශන - අද දෙරණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now