බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරලා..

Sri Lanka Crime
By krishani Dec 21, 2022 03:48 AM GMT
Report

බහින්බස් වීමක් දුරදිග යාමෙන් වාරියපොළ, දඹෑලියද්ද, බමුණාකොටුව ප්‍රදේශයේ දී ඊයේ (20) සවස් කාලයේ දී පුරුෂයා විසින් බිරිඳට නාරස්සනයකින් හිසට පහරදී ඝාතනයක් සිදු කර තිබේ.

එසේ මියගොස් ඇත්තේ, 55 හැවිරිදි දඹෑලියද්ද, බමුණාකොටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථායේ ඇති අතර අද (21) මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.වාරිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join