තියුණු ආයුධයකින් පහර දී සිදු කළ බිහිසුණු මිනිස් ඝාතනය..

Sri Lanka
By krishani May 25, 2022 06:15 AM GMT
krishani

krishani

in අපරාධ
Report

වනාතවිල්ලුව - මංගලපුර ප්‍රදේශයේ නිවසක ඊයේ(24) පස්වරුවේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙන අතර එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් වූ වනාතවිල්ලුව මංගලපුර පදිංචි කාන්තාවකී.

තියුණු ඈයුධයකින් පහර දී මෙම මරණය සිදු කොට ඇති බවට පොලීසිය පවසන අතර මරණයට හේතුව ලෙස පොලීසිය සඳහන් කරන්නේ අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් අනියම් පුරුෂයා විසින් කරන ලද ඝාතනයක් බවය.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරු වන අදාළ කාන්තාවගේ අනියම් පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.