පුතෙක් විසින් තම පියා කුරිරු ලෙස ඝාතනය කළ සංවේදී පුවතක්.

Sri Lanka Police Sri Lanka Crime
By krishani May 20, 2023 06:03 AM GMT
krishani

krishani

in අපරාධ
Report

වැලිපැන්න - හිරිවැද්දල නිවෙසක දී 32 හැවිරිදි පුතා විසින් 73 හැවිරිදි පියාට පහර දී මරාදමා ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

තම නිවසේදීම මෙලෙස ඝාතනය වී ඇත්තේ කත්‍රිආරච්ච්ගේ ලයනල් සිරිවර්ධන නැමැති පුද්ගලයෙක් ය.

පියා ඝාතනය කළ බව කියන පුතා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර  වැලිපැන්න පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශනයක් සිදුකර තිබෙනවා. 

එම විමර්ශනයයෙන් අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා බීමත්ව සිට බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙය සිදුවී ඇති බවයි.

මේ අතර, පෙරේදා (18) අයියාගේ කිහිලිකරු පහරින් බරපතළ තුවාල ලැබූ බාල සොයුරෙකුගේ පුවතක් කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා විය.

තුවාල ලැබු එම පුද්ගලයා හේනේවල දිසා රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ පහළ කඩුගන්නාව මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් ය.

බීමත්ව පැමිණි ආබාධිත වැඩිමල් සොයුරා සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.

පහරදුන් 56 හැවිරිදි සැකකරු මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත්, ඊයේ (19) ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join