තියුණු ආයුධයකින් පහර දී සිදු කළ කුරිරු ඝාතනය..

Sri Lanka Police Sri Lanka Crime
By krishani May 07, 2023 01:54 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (06), වාලච්චේන - නාපතාවිල් ප්‍රදේශයේ කුඹුරු යායක දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනයක් සිදුකර තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 74 ක් වන කල්ලඩිවේටෙයි කිරාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

ඔහුගේ ගොවිපලේ හිමිකරුට අයිති එළුවන් අනෙක් ගොවිපලේ බෝගවලට අලාභ කිරීම සම්බන්ධව දෙදෙනා අතර කලක සිට ආරවුල් තිබී ඇති බව වාර්තා වේ.

ඊයේ එම ආරවුල දුර දිග යාමෙන් ඇති වූ බහින් බස් වීමක් නිසා අනෙක් ගොවිපලේ හිමිකරු විසින් අදාළ පුද්ගලයා තියුණු ආයුධයකින් හිස ප්‍රදේශයට පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය විය.

කෙසේවෙතත්, සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join