වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Vavuniya Sri Lanka Sri Lanka Police Investigation Crime
By krishani Jul 21, 2023 02:37 PM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (21) වව්නියාව - නැදුන්කේනි ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.

ඒ එම ප්‍රදේශයේම පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක් ය.

පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ, පෞද්ගලික ප්‍රශ්නයක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධියට අදාළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වවුනියාව රෝහලට රැගෙන යාමට නියමිතයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් නැදුන්කේනි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.