කතක් ඝාතනය කර වෙඩික්කරු ද වෙඩි තියාගෙන - ඇගේ පරණ වෙම්වතා යැයි අනාවරණයක්..
Sri Lanka Police
Sri Lanka
Crime
By krishani
අද (13) උදෑසන වව්නියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
එලෙස වෙඩි තබා ඇත්තේ, 26 හැවිරිදි එක්දරු මවකට වන අතර පසුව ඔහු ද වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇත.
අද අලුයම වව්නියාව - පරයනාලන්කුලම්, නිලියාමොටෙයි ප්‍රදේශයේ නිවසක් තුළ දී මෙම කාන්තාවට වෙඩිතබා ඇත්තේ.
මේ අතර සැකකරු ද අද උදෑසන නිලියාමොටෙයි කොවිල අසල දී වෙඩිතබාගෙන මියගොස් ඇති බවට පොලීසිය සැක කරයි.
සැකකරු 24 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර මෙම කාන්තාව විවාහ වී සිය සැමියා සහ දරුවා සමග නිලියාමොටෙයි ප්‍රදේශයේ පදිංචි වී සිට ඇත්තේ.
කෙසේවෙතත්, ඇය විවාහාවීමට පෙර අදාළ සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |