රට පුරා වෙඩි තැබීම්.. පාරක යන්නත් බය තත්ත්වයක්.. පැයක් ඇතුලත වෙඩි තැබීම් දෙකක්.. දෙදෙනාම මිය යයි.
මීට සුළු වේලාවකට පෙර දික්වැල්ල බෝදරකන්ද ප්රදේශයේ දි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
තංගල්ල ප්රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල කුඩාවැල්ල නාකුළුගමුව ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි පොලීසිය පැවසුවේ.
ඔහු සිය නිවසේ රැඳී සිටියදී මෙලෙස වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී තිබෙනවා.
මේ ආකාරයෙන් මේ දිනවල වෙඩි තැබීම් කිහිපයක්ම වාර්තා වුණා.
පසුගියදා ලෙල්ලව ප්රදේශයේදි පුද්ගලයින් දෙදෙනෙක්ගේ වෙඩි ප්රහාරයකින් තරුණයෙක් මිය ගොස් තිබුණා.
මේ අතර මේ මාසය තුළම යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු බදුරලිය සිදු කළ වෙඩි තැබිමකින් තරුණයකු තුවාල ලැබුවා.
එමෙන්ම ඌරගස්මංහන්දිය තේවත්ත ප්රදේශයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ තරුණයකු බරපතල තුවාල ලැබුවා වලස්මුල්ල යහල්මුල්ල ප්රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබුවා.
මෙලෙස දිගින් දිගටම සිදුවන ඝාතන සිදුවීම් නීතිය හා සාමය ආරක්ෂා වීමට ප්රභල බලපෑමක් එල්ල කරනවා.
- සිතුමි -