මත්පැන් සාදය මරණයකින් කෙළවර වූ අසුන්දර පුවතක්..

Sri Lanka Police Crime
By krishani Dec 31, 2022 05:12 AM GMT
Report

උඩුගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

මත්පැන් සාදයක් අතරතුරු සිදු වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සාදයට පැමිණි පුද්ගලයෙකු විසින් සාදය පැවැත්වූ නිවසේ හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී ඇත්තේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 78 හැවිරිදි නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් වන අතර ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join