සාහසික ලෙස පහරදීමක් - පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Crime
By krishani Dec 09, 2022 02:06 AM GMT
krishani

krishani

in අපරාධ
Report

උඩුගම - ගෝණදෙණිය ප්‍රදේශයේ දී ඊයේ (08) දින පහර දීමකින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇත.

උඩුගම පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මරණකරුගේ බිරිඳ දරුවා සහ මව නිවසේ රාත්‍රී ආහාර ලබා ගනිමින් සිටිය දී අසල ප්‍රදේශයකින් යම් කෝලහලයක ශබ්දයන් ඇසී ඇත.

එම ඇසී බලන විට යම් පිරිසක් විසින් මරණකරුට පහර දෙන ආකාරය දැක ඇත.

බරපතළ තුවාල ලැබූ මරණකරු උඩුගම රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය ගොස් ඇත.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් හඳුනාගෙන ඇත.උඩුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join