දැරියක් දූෂණයට ලක් කර ඝාතනය කරලා - ලංකාවම සංවේදී කළ සිත්පිත් නැති අකම්පිත පුවතක්..

Sri Lanka Police Sexual harassment Sri Lanka Police Investigation Death Latest Headlines
By krishani Feb 16, 2024 05:30 PM GMT
krishani

krishani

in අපරාධ
Report

තලෙයිමන්නාරම - තලෙයිමන්නාරම්තොට ප්‍රදේශයේ දී දූෂණය කර ඝාතනය කර ඇති බවට සැක කෙරෙන දැරියකගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

දැරියක් දූෂණයට ලක් කර ඝාතනය කරලා - ලංකාවම සංවේදී කළ සිත්පිත් නැති අකම්පිත පුවතක්.. | Crime At Thalaimannar

මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 10ක පමණ දැරියක් ය.

දැරිය සිය නිවස ආසන්නයේ වෙළෙඳසැළකට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් සිදුකළ සොයා බැලීමක දී මෙම සිරුර සොයාගත් බව පොලීසිය සඳහන් කළේ ය.

අදාළ සිරුර දැරියගේ නිවසෙන් මීටර් 300ක් පමණ දුර ඉඩමක තිබී සොයා ගත් බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් එයට අදාළ සැකකරුවෙකු ද ගම්වාසීන්ගේ සහාය ඇතිව තලෙයිමන්නාරම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.