මල්ලිගේ පහරින් අයියා ජිවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Death
By krishani Aug 30, 2023 01:00 PM GMT
krishani

krishani

in අපරාධ
Report

සූරියවැව – වැලිආර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ පුවතක් වාර්තා වේ.

ඒ පවුල් ආරවුලක් මතයි.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ මරණකරුගේ සහෝදරයා විසින් ය.

මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මවට පරුෂ වචනයෙන් බැන හිරිහැර සිදු කිරීම හේතුවෙන් තමා සිය සහෝදරයාට මෙලෙස පහර දුන් බව සැකකාර බාල සහෝදරයා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, මරණකරු යම් රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙකු බව ද වාර්තා වන අතර ඝාතනය සිදුකළ 28 හැවිරිදි බාල සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.