ආරවුලක් දුරදිග යයි - මල්ලිගේ කැති පහරින් අයියා ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Aug 18, 2023 11:45 AM GMT
krishani

krishani

in අපරාධ
Report

සූරියවැව දකුණු කඩවර දී සිය බාල සොහොයුරා විසින් වැඩිමහල් සොහොයුරා කැත්තකින් කපා ඝාතනය කළ පුවතක් වාර්තා වේ.

ඒ ඉඩම් ආරවුලක් මතයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සූරියවැව පොලිස් වසමේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් ය.

මියගිය පුද්ගලයා හා ඔහුගේ 22 හැවිරිදි බාල සොහොයුරා අතර කලක පටන් ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ආරවුලක් පැවත තිබෙනවා.

මේ දෙදෙනා අතර පෙරේදා (16) සවස ද බහින් බස් වීමක් සිදු වී ඇති අතර එහිදී 22 හැවිරිදි බාල සොහොයුරා විසින් සිය වැඩිමල් සොහොයුරාට කැත්තකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධියෙන් අනතුරුව බාල සොහොයුරා විසින් සූරියවැව පොලිසියට බාර වී ඇති අතර ඉන්පසුව ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.