තවත් මනුෂ්‍ය ඝාතනයක් - දෙදෙනෙක්ට බරපතල තුවාල.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By krishani Jul 23, 2023 10:52 AM GMT
krishani

krishani

in අපරාධ
Report

රත්නපුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

එමෙන්ම තවත් පුද්ගලයන් දෙදෙනෙකු  බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි අයෙක් වන අතර තුවාල ලැබුවන් වයස අවුරුදු 36 සහ 37 යන වයස්වල පසුවන්නන් වේ.

තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා මරණකරුගේ පුත්‍රයන් වන අතර කලක සිට පැවති ඉඩම් ආරවුලක් මෙම සිද්ධියට මූලික වී ඇත.

එසේම සිද්ධියට අදාළව සැකකාරියන් දෙදෙනෙක් සහ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා වයස අවුරුදු 18 සහ 65 යන වයස්වල පසුවන අතර සැකකරු වයස අවුරුදු 48ක පුද්ගලයෙක් වේ.