ඥාති පුතුගේ පහරින් කතක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By krishani Jun 20, 2023 04:25 AM GMT
krishani

krishani

in අපරාධ
Report

රංගල - ලොලුගමවත්ත ප්‍රදේශයේ වතු නිවාසයක් තුළ 85 හැවිරිදි කාන්තාවක් තුවාල සහිතව මියගොස් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් රංගල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය විය.

ඝාතනය සම්බන්ධයෙන් මරණකාරියගේ ඥාති පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු බීමත් නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවට අනාවරණය විය.

සැකකරු 29 හැවිරිදි ලොලුගමවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අද (20) ඔහු තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් රංගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.