දරුවන් පාසලට ඇරලවා පැමිණෙමින් සිටි පියෙකුට වෙඩි තබා ඝාතනය කළ අවාසනාවන්ත පුවතක්..

Sri Lanka Police Crime
By krishani Jan 11, 2023 06:05 AM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (11) පෙරවරු 7.25ට පමණ පනාමුර - කැම්පනේ උතුරු මාර්ගයේ දී 49 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත.

කැම්පනේ කලුගලහේන ප්‍රදේශයේ පදිංචි රාජා දයානන්ද නැමති තිදරු පියෙක් මෙලෙස මිය ගොස් ඇත්තේ.

අද පෙරවරුවේ දරුවන් පාසලට ගෙනගොස් නැවත යතුරු පැදියෙන් පැමිණෙද්දී ඔහුට වෙඩිතබා ඇති අතර පොලීසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join