වෙඩි ප්‍රහාරයකින් තරුණයෙක් ජිවිතක්ෂයට - සැකකරුවන් වෙඩි තබා පලා ගිහින්.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Jul 10, 2023 03:39 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (09) මල්ලාවි - පාලිනගර් ප්‍රදේශයේ දී නිවසකට ඇතුලු වූ පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ පුවතක් වාර්තා වේ.

එම වෙඩි තැබීමෙන් අවුරුදු 23ක් වයසැති තරුණයෙක් ජිවිතක්ෂයට පත් විය. 

කෙසේවෙතත්, එම සැකකරුවන්  අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර, පෙරේදා (08) ගල්කිස්ස - සොයිසාපුර ප්‍රදේශයේ පහර දීමක් හේතුවෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත් විය.

මෙලෙස මිය ගොස් ඇත්තේ 68 හැවිරිදි මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

මිය ගිය පුද්ගලයා ඔහුගේ ඥාතියකු සමඟ නිවසේ පදිංචිව සිට තිබෙනවා.එම නිවෙස දෙසින් කෑගසන ශබ්දයක් ඇසී ඇති බවත් ඥාති පුද්ගලයා කලබලයෙන් නිවෙසින් එළියට බැස දිව ගිය බවත් යාබද නිවෙසෙහි කාන්තාවක් පවසා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරයි.