බහින්බස් වීම දුරදිග යයි - බිහිසුණු මනුෂ්‍ය ඝාතනයක්..

Sri Lanka Police Crime
By krishani Nov 21, 2022 03:57 AM GMT
krishani

krishani

in අපරාධ
Report

පල්ලම - නාගවිල, ආඩිගම ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇත.

මරණකරු තවත් පිරිසක් සමඟ සිය නිවසේ දී මත්පැන් පානය කරමින් සිටිය දී ඔවුන් සමඟම මත්පැන් පානය කරමින් සිටි තවත් පුද්ගලයකු සමඟ ඇති වූ බහින්බස් වීමක් දිර දිග යාම හේතුවෙන් සැකකරු මරණකරුගේ ගෙලට කම්බියකින් පහර දී ඇත.

එහි දී අදාළ පුද්ගලයා මිය ගොස් ඇති අතර මරණකරු වයස අවුරුදු 36ක නාගවිල - ආඩිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු පල්ලම පොලිසිය විසින් සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join