ගැටුමකින් පහක් තුවාල ලබයි - එක් අයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Crime
By krishani Jan 08, 2023 02:00 AM GMT
Report

ඊයේ (07) රාත්‍රී පෑලියගොඩ පහේ කණුව - පෙතියාගොඩ ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා ඇත.

කළක් පටන් දෙපාර්ශ්වයක් අතර පැවති මත ගැටුමක් මෙම සිද්ධියට මුල් වී ඇති අතර මොවුන් තියුණු ආයුධවලින් සහ පොළුවලින් පහර දී ගෙන ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් තුන්දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.තවත් දෙදෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පෑලියගොඩ පොලිසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join