යකඩ පොල්ලකින් පහර දී කළ අමානුෂික ඝාතනයක්..

Sri Lanka Police Crime
By krishani Dec 26, 2022 02:30 AM GMT
Report

නොරොච්චෝල - සෙබස්තියන් මුනි මාවත ප්‍රදේශයේ දී ඊයේ (25) දින යකඩ පොල්ලකින් පහර දීමෙන් කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වේ.

නොරොච්චෝල පොලිසියට ලැබුණු තොරතුරක් මත මේ පිළිබඳ විමර්ශන ආරම්භ වී ඇති අතර මරණකරු හා සැකකරු බීමත්ව සිට ඇති බව වාර්තා වේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ රණ්ඩුවක් හේතුවෙන් සැකකරු විසින් මරණකරුට යකඩ පොල්ලකින් පහර දී ඇත.

වයස අවුරුදු 35ක මාම්පූරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මියගොස් ඇත්තේ.

වයස අවුරුදු 54ක සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ නොරොච්චෝල පොලිසිය මඟින් සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join