කෝප වූ මාමන්ඩිය බෑනනුවන්ට උදැල්ලකින් පහර දී ඝාතනය කරයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Jun 18, 2023 04:50 AM GMT
krishani

krishani

in අපරාධ
Report

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මින්නේරිය රෝටවැව ප්‍රදේශයේ මාමණ්ඩිය සිය බෑනාට උදැල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

එම ඝාතනයෙන් මියගොස් ඇත්තේ අංක 81, රොටවැව, ගල්ඔය හන්දිය, පදිංචි වීරවර්ධන බණ්ඩාරනායකගේ ඉෂාර ඔෂද බණ්ඩාරණායක නමැති 32 හැවිරිදි දෙදරු පියෙක් බව මින්නේරිය පොලිසිය සඳහන් කළේ ය.

මරණකරු දිනපතා බීමත්ව තම බිරිදට  රණ්ඩුකර තිබෙනව.පසුගියදා මරණකරු සිය බිරිද සමග රණ්ඩු කර පියාගේ නිවසට දරුවන් ද රැගෙන ගොස් තිබෙනවා.

එහිදි ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් උදැල්ලකින් මාමා විසින් බෑනාගේ හිසට පහරදී ඇත.

එයින් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත් වී ඇති බව විමර්ශනවල දි අණාවරනය වීය.