තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ..

Sri Lanka Police Crime
By krishani Nov 28, 2022 08:51 AM GMT
Report

අද (28) දහවල් මට්ටක්කුලිය ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇත.

එහිදී බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මට්ටක්කුලිය - සාවියා පටුමගේ පදිංචි 38 හැවිරිදි අයෙක් වන ඔහුව ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join