යකඩ බටයකින් පහර දී අමානුෂික ලෙස පුද්ගලයෙක් ඝාතනය කරයි..

Sri Lanka Police Crime
By krishani Dec 07, 2022 06:43 AM GMT
krishani

krishani

in අපරාධ
Report

මාලිගාවත්ත පොලිස් වසමේ ජයන්ත වීරසේකර මාවත ප්‍රදේශයේ දී ඊයේ (06) දින මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇත.

මරණකරුට පුද්ගලයන් පිරිසක් විසින් යකඩ බටයකින් පහ‍ර දී ඇති අතර  මරණකරු කොලඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති නමුත් මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ මස්ජිත් පාර, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙක් වන අතර කලක සිට පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇත.

ඝාතනයට අදාළ සැකකරු හඳුනාගෙන ඇති අතර, මාලිගාවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join