නිවසටම පැමිණ පුද්ගලයෙක්ට වෙඩි තබා පලා ගිහින්..

Sri Lanka Police Sri Lanka Crime
By krishani Apr 29, 2023 01:46 AM GMT
Report

ලුණුගම්වෙහෙර ස්පීල්යාය ප්‍රාදේශයේ නිවසක් තුළ සිටිය දී පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර ඇත.

එම වෙඩි වැදිමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමට යන අවස්ථාවේ මරණයට පත්ව ඇත.

මෙලෙස මරණයට පත් ව ඇත්තේ වයස අවුරුදු 37ක් වන පුද්ගලයෙක් වන බව පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයා නිවස තුළ ආලෝකය නොමැති නිසා ඉටිපන්දමක් දල්වා එහි ආලෝකයෙන් නිවසේ රැදී සිටීමේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

මෘත දේහය ලුණුගම්වෙහෙර රෝහලේ මෘත ශරීරාගයේ තැම්පත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදුකරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join